- ආගමික කණ්ඩායම් අතර එදිරිවාදීකම හෝ වෛරය ප්‍රවර්ධනය කර හැකි, සිදු වූ හා සිදුවිය හැකි සිදුවීම් අධීක්ෂණය කිරීමේ යාන්ත්‍රණයක්.
- ආගමික සහ ජනවාර්ගික විවිධත්වය යන දෙකටම ගෞරවය සහ පිළිගැනීම ලබා දීම.
- වෛරී අපරාධ සහ අන්තවාදී ක්‍රියාවන් "කිසිසේත්ම නොඉවසීම" (“Zero-tolerance”).
4.1 පහත සඳහන් කරුණු ආවරණය වන පරිදි ආගමික සමගිය පිළිබඳ පනතක් සම්මත කිරීම.
- ආගමික කණ්ඩායම් අතර වැරදි හැඟීම් හෝ වෛරය ප්‍රවර්ධනය කිරීම හා සම්බන්ධ විභවයන් සහ සත්‍ය සිදුවීම් අධීක්ෂණය කිරීමේ යාන්ත්‍රණයක්.
- මෙම හඳුනාගත් ගැටළු ආගමික හා ජනවාර්ගික සුළුතරයන් අතර දිගුකාලීන මතභේදයන්ට තුඩු දීමට පෙර වහාම විසඳිය යුතුය.
- මහජනයා ප්‍රචණ්ඩත්වයට පොළඹවන සහ වෛරී කතාවන් මගින් සාමයට බාධා පමුණුවන ඕනෑම ආගමකට හෝ දෘෂ්ටිවාදයකට අයත් ආගමික කණ්ඩායම් හෝ සංවිධාන තහනම් කිරීම.
- ආගමික අන්තවාදී සිදුවීම් තවදුරටත් ආමන්ත්‍රණය කිරීම. කිසියම් ආගමික අන්තවාදී ක්‍රියාවක් සිදුවුවහොත්, තීන්දු කරුවන් "ප්රත්යක වගකීම" සහ "සමස්ත ප්රජාවකට සාපරාධී කි්රයාවක් පිළිබඳ චෝදනා කිරීම" යන මාතෘකා දෙකේ වෙනස පිළිබඳව
පැහැදිළි ලෙස මහජනයා දැනුවත් කිරීම.
- ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වල නියැළී සිටින, සහයෝගය දක්වන, සබඳතා පවත්වන ඕනෑම සංවිධානයක් හෝ විදේශීය ත්‍රස්ත කණ්ඩායම් සමග සම්බන්ධතා පවත්වන ඕනෑම සංවිධානයක් වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීම.
- රටේ සුළු ජාතීන්ට එරෙහිව අනවශ්‍ය අගතියක් ඇති කළ හැකි ප්රවෘත්ති, මාධ්‍ය විසින් සංවේදීකරණය (sensationalise) නොකරන බවට සහතික වීම. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ “වගකීම්
සහගත ප්රකාශනය” (“responsible expression”) අතර සියුම් සමබරතාවයක් තිබිය යුතු අතර, එම සමබරතාවය ඔන්ලයින් සහ ඕෆ්ලයින් යන දෙඅංශයේම ප්රවෘත්ති ප්‍රකාශන සඳහා සියලුම මාධ්‍ය
ආයතන විසින් ක්‍රියාවට නැංවිය යුතුය.
- ආගමික හා බහු සංස්කෘතික ආරක්ෂාව පිළිබඳ හරස් සංස්කෘතික (cross-cultural) වට මේසයක් සකස් කිරීම. මෙමගින් සියලු ආගමික හා ජනවාර්ගික වශයෙන් සුළුතර කණ්ඩායම්වල නායකයින් නියෝජනය
කිරීම අත්‍යවශ්‍ය වේ. මෙය අත්‍යවශ්‍යයෙන්ම එළිදරව් වන ඕනෑම ගැටළුවක් ඵලදායී ලෙස සාකච්ඡා කර ඒවා විසඳිය හැකි ක්‍රමවේදය තීරණය කරන සංසදයක් වනු ඇත.
4.2 පුඕනෑම පුද්ගලයෙක් (පූජකවරයෙක්, භික්ෂුවක්, දේවගැතිවරයෙක්, ඉමාම්වරයෙක්, වැඩිමහල්ලෙක්, නිලයක් දරන්නෙක්) හෝ ඕනෑම ආගමික කණ්ඩායමක හෝ ආයතනයක බලධාරීවරයෙක්ව සිටින ඕනෑම පුද්ගලයෙකුට හෝ කිසියම් සාමාජිකයෙකු පහත සඳහන්
කිසිඳු ක්‍රියාවක් සිදු කළ හෝ සිදුකිරීමට උත්සාහ කරන ඕනෑම සාමාජිකයෙකුට එරෙහිව ප්‍රතිබාධන නියෝග (restraining order) ක්‍රියාත්මක කිරීම.
- විවිධ ආගමික කණ්ඩායම් අතර එදිරිවාදීකම, වෛරී බව හෝ අමනාපය වැනි හැගීම් ඇති කිරීම.
- කිසිඳු දේශපාලන න්‍යාය පත්‍රයක් අනුබල දීමට හෝ කිසියම් දේශපාලන පක්ෂයක් ප්‍රවර්ධනය කරමින් හෝ කිරීමේ මුවාවෙන් කිසියම් ආගමික විශ්වාසයක් ප්‍රචාරණය කිරීම හෝ ඇදහීම.
- කිසියම් ආගමික විශ්වාසයක් ඇදහීමේ හෝ ප්‍රචාරය කිරීමේ මුවාවෙන් විනාශකාරී ක්‍රියාවන් සිදුකිරීම හෝ
- ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව පිළිබඳ කළකිරීම උද්දීපනය කිරීම හෝ ඒ මුවාවෙන් ඕනෑම ආගමක් ඇදහීම හෝ ප්‍රචාරය කිරීම. ඉහත සඳහන් ඕනෑම ත්‍රස්ත ක්‍රියාවක් කිසියම් ආගමික කණ්ඩායමක් හෝ ආගමික ආයතනයක් හෝ ඕනෑම පුද්ගලයෙකු සිදුකිරීම, උසිගැන්වීම
හෝ දිරිමත් කිරීම.