ඉලක්ක
-
ආගමික ප්‍රජාවන් සවිබල ගැන්වීම සහ අපේ රටේ බහු වාර්ගික - බහු භාෂාමය සහ
බහු-ආගමික අනන්‍යතාවය ශක්තිමත් කිරීම සඳහා හිතකර පරිසරයක් නිර්මාණය
කිරීම.
ක්‍රියාකාරී සැලැස්ම
ශ්‍රී ලංකාව මේ වන විට සංවර්ධනය වෙමින් පවතින වෙළඳපළක සිට සංවර්ධිත වෙළඳපලක් බවට පත්වීමට "ස්මාර්ට් විසඳුම්" අත්‍යවශ්‍ය වේ’ සංවර්ධිත වෙළඳපොලක් වීමේ ඉලක්කය 2030 දී ළඟාකර ගැනීමට බලාපොරොත්තු වන අතර සංවර්ධිත ශ්‍රී ලංකාව , ස්මාර්ට් ශ්‍රී
ලංකාවක් බවට වසර 3 කින් පත් කිරීමට බාහිර සම්පත් අත්‍යාවශ්‍ය වේ.
මේ සඳහා අවධානය යොමු කළ යුතු වන්නේ.
දැක්ම
ලෝකයේ ප්‍රීතිමත්ම රටවල් 10 අතරට ශ්‍රී ලංකාව එක් කිරීම.
මෙහෙවර
මිනිසුන්ගේ සතුට සඳහා ස්මාර්ට් සේවා සංවර්ධනය කිරීම.
තාක්ෂණික සක්රියකාරකය
සියලූම මහජන සේවාවන් සඳහා කෘතිම බුද්ධියෙන් මෙහෙයවනු (AI Driven), බන ඒකාබද්ධ තොරතුරු සන්නිවේදන තාක්ෂණ වේදිකාවක්.
- ස්මාර්ට් ආරක්ෂාව -Smart Security
- පොලිසිය විසින් විමර්ශනය කරනු ලබන පුද්ගලයින් සඳහා අනන්‍ය වූ ඩිජිටල් ජෛවමිතික හඳුනාගැනීමක් (digital biometric identification) ක්‍රියාත්මක කිරීම.
- සියලූම ප්‍රධාන රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය
(Facial Recognition Technology) සහිත CCTV කැමරා සවි කිරීම.
- අපරාධ දත්ත සංචිත ලෝක ආරක්ෂක ආයතන සමඟ බෙදා ගැනීම. රට තුළට ඇතුළු වීමට උත්සාහ කරන ඕනෑම ත්‍රස්තවාදියෙකු පිළිබඳව දැනුවත් කිරීම සඳහා ගුවන් තොටුපොළවල මුහුණු හඳුනා ගැනීමේ තාක්ෂණය (Facial Recognition Technology) භාවිතා කිරීම.
- පොලිසිය සඳහා එවේලේම (තත්කාලීන) මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය (Facial Recognition Technology) සහිත ස්මාර්ට් කණ්නාඩි හඳුන්වාදීම.
- සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීමට සහ සිදුවිය හැකි අපරාධ ක්‍රියා පුරෝකථනය කිරීමට දත්ත විද්‍යාව (data science) භාවිතා කිරීම.
- ස්මාර්ට් අධ්‍යාපනය - Smart Education
- ඉගැන්වීම සහ විද්‍යුත් ඉගෙනීම (e-learning) සඳහා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් සියලූම පාසල් විෂයයන් සඳහා වීඩියෝ පාදක කරගත් පන්ති හඳුන්වා දීම.
- සියළු නව පන්ති කාමර "ස්මාර්ට් පන්ති කාමර” ලෙස සංවර්ධනය කර ශිෂ්‍යයින් හට පුළුල් ප්‍රවේශ පහසුකම් ලබා දීම.
- පවතින සියලූම රැකියා සඳහා ඒකාබද්ධ ඔන්ලයින් වේදිකාවක් සෑදීම සහ මේ මඟින් ජනතාවගේ නිපුණතා, මනාපයන් සහ ඔවුන් ජීවත් වන ප්‍රදේශය සමඟ එම රැකියා ගළපා දීමේ පහසුකම් ලබාදීම.
- ස්මාර්ට් සෞඛ්‍යය - Smart Health
- ස්මාර්ට් කෘෂිකර්මය -Smart Agriculture
- ගොවීන්ගේ භෝග වල දත්ත ගොනු කිරීම (crop profiling) සහ අධීක්ෂණය
- දින 7 පුරා කාලගුණ අනාවැකි
- දේශගුණය පදනම් කරගත් උපදේශන සහ දේශගුණික-ස්මාර්ට් වාරිමාර්ග කෘෂිකාර්මික වැඩසටහන
- පොහොර යෙදීම් නිර්දේශ
- භෝග අදියර අධීක්ෂණය
- වගා බිම් geo-tagging කිරීම සහ සිතියම්ගත කිරීම
- ගොවීන්ගේ භෝගවල අවම මිල සහතික කිරීම සඳහා ප්‍රදේශ සමීක්ෂණ
- අස්වනු පුරෝකථන
- පළිබෝධ රෝග සහ උපදේශන (කාලෝචිත භෝග උපදේශනය)
- තවානේ සිට වෙළඳපොළ දක්වා හඳුනා ගැනීම්
- ගොවීන් සඳහා ජංගම භෝග උපදේශන යෙදවුම
- චන්ද්‍රිකා මගින් ලබාගත් ඡුායාරූප උපයෝගී කර වගාබිම් සිතියම්ගත කිරීමේ ව්‍යාපෘතිය නිමා කිරීම. මේ මගින් වගාකර ඇති ඉඩ ප්‍රමාණය සහ නිෂ්පාදනය ඇස්තමේන්තු කිරීම.
- ඇල්ගොරිදම මත පදනම්ව සැපයුම් කරුවන් සහ ගැනුම්කරුවන් ගැළපීම
(Algorithm-based matchmaking)
- රට පුරා බෝග අස්වැන්න පුරෝකථනය කිරීමෙන් සහ ප්රශස්ත ගබඩා විසඳුම් ලබා දීමෙන් කෘෂිකර්මය ආශ්රිත නාස්තිය අවම කිරීම.
- ස්මාර්ට් ප්‍රවාහනය - Smart Transport
- ස්මාර්ට් සංචාරක කර්මාන්තය -Smart Tourism
- සංචාරකයින් සඳහා ආශ්රිත සේවාවන් කළමනාකරණය කිරීම සඳහා දිවයින පුරා දෛනිකව හෝටල්වල කාමර වෙන්කිරීම් සහ අනාගත වෙන් කිරීම් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා විශ්ලේෂණ වේදිකාවක් සංවර්ධනය කිරීම.
- සියලූම භෞතික වත්කම් ඩිජිටල්කරණය කරල (පුරාවිද්‍යා භූමි, ස්මාරක, පන්සල් ආදිය), මේවා පිළිබඳ වැදගත් තොරතුරු එක් වේදිකාවක් යටතේ සංචාරකයින්ට ලබා දීම.
- සංචාරක ස්ථාන පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා සංචාරක කර්මාන්තයට
AR තාක්ෂණය (Augmented reality) හඳුන්වා දීම.
- සංචාරකයින් ශ්‍රී ලංකාවේ රැඳී සිටින දිනයන්, ඔවුන්ගේ මනාපයන් සහ ඔවුන් නැරඹීමට කැමති ස්ථාන පදනම්ව සංචාරක කාලසටහන් නිර්මාණය කිරීමට වේදිකාවක් ලබා දී ඒ තුළින් සංචාරකයින්ව සේවා සපයන්නන් සමඟ සම්බන්ධ කිරීම.
- ස්මාර්ට් ක්‍රීඩා -Smart Sports
- සියලූම ක්‍රීඩා වාර්තා ඩිජිටල්කරණය කිරීම සඳහා වේදිකාවක් සංවර්ධනය කර, සෑම ක්රීඩකයෙකුම පාසල් මට්ටමේ සිට සෘජු ලෙස සංවර්ධනය කිරීම.
- ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් ක්‍රීඩාව නියෝජනය කිරීම සඳහා ක්‍රීඩකයන්ගේ ජයග්‍රාහී සංයෝජන තෝරා ගැනීමට කෘතිම බුද්ධිය (AI) භාවිතා කිරීම.
- අනාගත කාර්ය සාධනය පුරෝකථනය කිරීම සඳහා, පුහුණු සැසි සහ තර`ග වලදී ඉහළ මට්ටමේ ක්‍රීඩකයන්ගේ අ×්‍යවශ්‍ය සංඛ්‍යාලේඛන සොයා ගැනීමට ස්මාර්ට් පළඳනා භාවිතා කිරීම.
- ප්‍රවේෂපත්‍ර අලෙවිය වැඩිදියුණු කිරීමට සහ ක්‍රීඩාවෙන් ඉපැයෙන ආදායම ඉහළ නැංවීමට එක් එක් ක්‍රීඩා තරඟ ව,ට පේ්රක්ෂකයන් පැමිනීමේ සම්භාවීතාවය පුරෝකථනය කිරීමට කෘතිම බුද්ධිය භාවිතා කිරීම.
- ක්‍රීඩා පුහුණුකරුවන් සඳහා අන්තර්ජාල වීඩියෝ පාදක පුහුණුව සහ පාඨමාලා සැපයීම.
- ස්මාර්ට් උපයෝගිතා -Smart Utilities
- පුරවැසියන්ට සපයන සියලූ උපයෝගිතා සේවාවන්හි වාර්තා ඩිජිටල්කරණය කර ඩිජිටල් ජාතික හැඳුනුම්පත සම`ග එම වාර්තා පහත සඳහන් සේවාවන් ඇතුළත් එක් වේදිකාවකට ගොනුගත කිරීම.
- නිවාරණ නඩත්තුව සිදුකිරීම IoT සංවේදක භාවිතා කරමින් උපයෝගිතා නිෂ්පාදනයට සම්බන්ධ යන්ත්‍රෝපකරණ අක්‍රිය වීම පුරෝකථනය කිරීම.
- සියලූම උපයෝගිතා ඔන්ලයින් ගෙවීම් වශයෙන් සිදුකිරීම සහ එකම වේදිකාවක් යටතේ ඕනෑම තනි සේවා සැපයුම්කරුවෙකු සම`ග ගනුදෙනුකරුවන් සම්බන්ධ කිරීම.
- ස්මාර්ට් මූල්‍ය -Smart Finance
- AIභාවිතා කරමින් බදු ගෙවීම් සහ ගනුදෙනු අධීක්ෂණය කිරීම සහ කිසියම් නොගැලපීමක් වේ නම් එය කල්තබා හඳුනාගෙන ඇඟවීමේ ක්‍රමවේදයක් හ`දුන්වාදීම.
- ස්ථිර තැන්පතු අන්තර්ජාලය හරහා සිදුකිරීම ඇතුළත්ව සියලූ බැංකු කටයුතු හරිත බැංකුකරණය (green banking) සමග ඩිජිටල්කරණය කිරීම.
- ගෙවීම් දොරටු (Payment gateways) සඳහා ඇති බාධක ඉවත් කිරීම, ගෙවීම් සඳහා ගනුදෙනු වියදම අවම කිරීම සහ ජංගම පසුම්බි (Mobile wallets) ප්‍රවර්ධනය කිරීම.
- සියලූම පොදු සේවාවන්, ආදායම් බදු ගොනු කිරීම යනාදිය සඳහා ජංගම සහ ඔන්ලයින් ගෙවීම් ක්‍රම හඳුන්වා දීම.
- ස්මාර්ට් යටිතල පහසුකම් -Smart Infrastructure
- ප්‍රාදේශීය රැකියා අවස්ථා ඇති කිරීම සහ ප්‍රදේශයේ සමාජ ආර්ථික වර්ධනය සඳහා ග්‍රාමීය ප්‍රදේශවලට අධිවේගී බ්‍රෝඞ්බෑන්ඞ් සම්බන්ධතාවයක් ලබා දීමට ප්‍රකාශ තන්තු කේබල් (Fiber Optic Cable) ස්ථාපනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීම.
මෙමඟින් ටෙලි-ඖෂධ (Tele-Medicine), ටෙලි-අධ්‍යාපනය (Tele-Education), ඊ-සෞඛ්‍ය
(E-Health), ඊ-විනෝදාස්වාදය (E-Entertainment) යනාදී රජයේ සේවාවන් ලබා ගත හැකිය.
- දේපල අයිතිවාසිකම තහවුරු කරන වාර්තා සහ සෑම ගනුදෙනුවක්ම ඩිජිටල්කරණය කිරීමට Blockchain තාක්ෂණය භාවිතා කිරීම.
- සෘජු ආයෝජන (FDI) තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ (ICT) අංශයේ ආරම්භක ව්‍යාපාර සහ භාහිර සේවා සමාගම් ආකර්ෂණය කිරීමට ආකර්ෂණය
ස්මාර්ට් තොරතුරු තාක්ෂණ උද්‍යාන නිදහස් වෙළඳකලාප වල ඉඳි කිරීම.
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතා කරමින් තත්‍ය කාලීන ලෙස (real time) අපද්‍රව්‍ය හා ජලාපවහන පද්ධති කළමනාකරණය කිරීම.
- පුද්ගලික අංශය සඳහා ඉලක්ක
- වසර 2025 වන විට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 1.2 සිට ඇමරිකානු ඩොලර් බිලියන 5 දක්වා 4 ගුණයකින් වැඩි කිරීම.
- වසර 2025 වන විට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රැකියා ප්‍රමාණය 80,000 සිට 400,000 දක්වා 5 ගුණයකින් වැඩි කිරීම.
- එම නව රැකියා නියුක්තිකයන් 320,000 ක් සඳහා කාර්යාල ඉඩ පහසුකම් සැපයීමට වර්ග අඩි මිලියන 30.2 ක් සහිත ගොඩනැගිලි හා තොරතුරු තාක්ෂණ උද්‍යාන ඉදිකිරීම.
- ආයෝජන මණ්ඩලය (BOI) හරහා තොරතුරු තාක්ෂණ උද්‍යාන සහ කාර්යාල ගොඩනැගිලි ඉදිකිරීම සඳහා ඉදිරි වසර 25 කට 0% සමාගම් බද්දක් සහතික කිරීම.
- වසර 2030 සඳහා ඉලක්කය වන්නේ, රැකියා නියුක්තිකයන් 800,000 ක් සමග තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 10 ක් දක්වා වැඩි කිරීම.
පියවර
- අන්තර්ජාල දත්ත (Data) වලට අදාළ සියලූ බදු ඉවත් කිරීම.
- අන්තර්ජාලයට පිවිසෙන වයස අවුරුදු 3 සහ ඊට වැඩි ළමයින් සඳහා දෙමාපියන්ගේ පාලනයට යටත්ව සීමිත තිර කාලයක් (Screen Time) සහිත දරුවන්ට හිතකර අන්තර්ජාල පැකේජයක් හඳුන්වා දීම සහ
- අත් සහ ඇස් අතර සම්බන්ධීකරණය (hand-eye coordination) වැඩි දියුණු කිරීම
- තොරතුරු සමුදායකට ප්‍රවේශය
- භාෂා කුසලතාව වැඩි දියුණු කිරීම
- ගැටළු විසඳීමේ හැකියාව වැඩි දියුණු කිරීම
- උසස් අන්තර්ගතයට ප්‍රවේශය.
- ප්‍රාථමික අධ්‍යාපනයේ සිට ඉංග්‍රීසි භාෂාව, ගණිතය සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණය පිළිබඳ දැනුම දියුණු කිරීම.
- සියලූම පාසල් විෂයයන් සඳහා උපදේශනාත්මක වීඩියෝ අඩංගු, දත්ත(Data) ගාස්තුවලින් තොර ඔන්ලයින් ද්වාරයක් (online portal) හඳුන්වා
දීම.
- 9 ශ්‍රේණියේ පටන් තොරතුරු තාක්ෂණ හා කෘතිම බුද්ධි (AI) පාඨමාලා හඳුන්වා දීම.
- ඩිප්ලෝමා හා සහතික පත්‍ර ලබාදෙන සියලූ තොරතුරු තාක්ෂණ (IT) සහ කෘතිම බුද්ධි (AI) පාඨමාලා වෘත්තීය පුහුණු ආයතනවල ආරම්භ
කිරීම (අනාගතයේදී ශිෂ්‍යයන්ගෙන් 40%ක් වෘත්තීය පුහුණුවට යොමු වනු ඇත).
- සියලූ විශ්ව විද්‍යාල විසින් තොරතුරු තාක්ෂණ (IT) සහ කෘතිම බුද්ධි (AI) උපාධි පාඨමාලා, මාස්ටර් උපාධි පාඨමාලා සහ PhD උපාධි පාඨමාලා සැපයීම ආරම්භ කිරීම (අනාගතයේදී සිසුන්ගෙන් 50%ක් විශ්ව විද්‍යාලයට ඇතුළත් වනු ඇත*.
- සියලූම රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාල, ලෝකයේ ඉහළ පෙළේ විශ්ව විද්‍යාල සම`ග සහයෝගයෙන් ඉහළ ඉල්ලූමක් ඇති පාඨමාලා සංවර්ධනය කිරීම.
- ORCAD, Silab, MATLAB, AUTOCAD වැනි විවෘත මූලාශ්‍ර සමාකරණ (දචැබ
(open source simulation) පැකේජ පාවිච්චි කිරීමට උනන්දු කිරීම.
- ව්‍යාපාර කිරීමේ හිතකරභාවය පිළිබඳ දර්ශකය (Ease of Doing Business Index) තුළ ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම 100 වන ස්ථානයේ සිට 50 වැනි ස්ථානය දක්වා වැඩිදියුණු කිරීම.
- ගෝලීය තර`ගකාරීත්ව දර්ශකයේ (Global Competitiveness index) ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම 85 වන ස්ථානයේ සිට 45 වන ස්ථානය දක්වා වැඩි දියුණු කිරීම.
- තොරතුරු සේවා ක්‍රියාකාරකම් සහ යටිතල පහසුකම් සඳහා 0% ව්‍යාපාරික බද්ද, 0% වැට් බද්ද සහ 0% ලාභාංශ බද්ද වසර 25 ක් සඳහා සහතික කිරීම. (ව්‍යාපාර ක්‍රියාවලි සඳහා භාහිර සේවා ලබාදීම (BPO),
මූලික තොරතුරු සම්බන්ධ ක්‍රියාවලි සඳහා භාහිර සේවා ලබාදීම (KPO), සත්කාරක සේවා (hosting), දත්ත සැකසුම් සේවාවන් හා
ඒ හා සබැඳි ක්‍රියාකාරකම්, වෙබ් අඩවි ද්වාරක (web portals), පුවත්පත් තීරු මාධ්‍යයට news syndicates සහ ජනමාධ්‍ය සඳහා
අවශ්‍ය පුවත්, ඡායාරූප සහ විවිධාංග සැපයීමේ විශේෂාංග, පරිගණක පදනම් කරගත් දුරකථන තොරතුරු සේවාවන්, කොන්ත්‍රාත් පදනම මත හෝ නිදහස් පදනම මත සිදුකරන තොරතුරු සෝදිසි කිරීමේ සේවාවන් සහ පුවත් නිස්සාරණ සේවාවන් (news clipping services),
පුවත්පත් නිස්සාරණ සේවාවන් (press clipping services) සහ සෙසු ඩිජිටල් සේවා)
- පරිගණක සහ වෙනත් දෘඩාංග ඒකක ආනයනය සඳහා 0% රේගු බදු සහ 0% PAL ඉදිරියට වසර 10ක් සඳහා සහතික කිරීම.
- IBM, Intel සහ Microsoft වැනි ඉහළම බහුජාතික තොරතුරු තාක්ෂණ සමාගම්
100ට ඔවුන්ගේ ගෝලීය බෙදාහැරීමේ මධ්‍යස්ථාන ශ්‍රී ලංකාවේ පිහිටුවීමට ඇරයුම් කිරීම.
- අනේවාසික සමාගම් වල මූලස්ථාන ශ්‍රී ලංකාවේ පිහිටුවීමට 0% සමාගම් බදු, 0% වැට් බද්ද සහ 0% ලාභාංශ බද්ද වසර 25ක් සඳහා සහතික කිරීම.
- ශ්‍රී ලාංකික සමාගම්වල ගෝලීය බෙදාහැරීමේ මධ්‍යස්ථාන ලොව පුරා පිහිටුවීම.
- සමාගම්වල ආරම්භක අවධියේදී ඔවුන්ට උපකාර කිරීම සඳහා ඔවුන්ට cloud සේවාවන් සැපයීම.
- රැකියා අපේක්ෂකයන්ගේ කුසලතාල මනාප ක්ෂේත්රයන් සහ ජීවත්වන ප්‍රදේශය මත රැකියා, බාදීමට ඒකාබද්ධ වේදිකාවක් හඳුන්වා දීම.